'134 මෙහෙයුමට'

වසර 134 ක් පුරා සාපරාධිකරණය !
වසර 134ක් පුරා කොන්කිරීම !
වසර 134ක් පුරා වෙනස්කොට සැලකීම හා පවිටු ලෙස අපගේ අයිතීන් උල්ලංඝණය කිරීම !

ඔබ එකඟ නම් අපගේ මෙහෙයුම හා සම්බන්ධවන්න බොහෝ ක්‍රම ඇත.

1. අපගේ මෙහෙයුමට ඔබගේ වටිනා අත්සන තබන්න

2. වීඩියෝ – රූපය බොහෝ දේ පවසන නිසා
3. අතරමැදි විශේෂ අවස්ථා – පුද්ගලයින් හමුවීමට , කතාබහ කිරීමට වැරදි අදහස් නිවැරදි කිරීමට
4. බැජ් සහ අත් පළඳනා වැනි දේ – ඔබ කැමතිනම් පළඳින්න
5. දන්නා දේ පවසන්න – අපගේ මෙහෙයුම වෙනුවෙන් යමක් කල හැකි අයෙක් සිටීනම් අප වෙත යොමු කරන්න.

මේ සම්බන්ධව ඔබ විශේෂ උත්සව/අවස්ථා සංවිධානය කරන්නට හෝ වීඩියෝ නිර්මාණ සාදන්නට බලාපොරොත්තු වෙනවා නම් EQUAL GROUND හි අපි හැකි උපරිම අයුරින් ඔබට සහාය වන්නෙමු.

ඔබ සංවිධානය කරනු ලබන විශේෂ වැඩසටහන් හෝ සාකච්ඡා වලදී බෙදා හැරීමට විශේෂයෙන් නිමවූ බැජ් හා අත් පළඳනා වර්ග ලබා දීමට අපට හැකියි.

අපගේ ෆේස් බුක් පිටුව අදහස් හුවමාරු කරගන්න හොඳ වේදිකාවක් වේවි. අප සමග එක් වන්න.

ෆේස් බුක් පිටුවේ ’134 මෙහෙයුමට’ දැක්වූ අදහස්, වීඩියෝ පටිගත කිරීම් හා විශේෂ අවස්ථා පිලිබඳ විස්තර අඩංගු වේ. ’134 මෙහෙයුමේ’ ඔබත් කොටස්කරුවෙක් වන්න.

Continue reading this…

EQUALITY සගරාව

2016 දෙසැම්බර් 20 දා කොළඹ දී

අද දින නිකුත් කෙරෙන EQUALITY සගරාව, ශ්‍රී ලංකාවේ සමසෙනෙහස් ,ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව නියෝජනය කෙරෙමින් මුද්‍රණය වන ප්‍රථම සගරාව ලෙස ඔබට හදුන්වාදෙන්නේ ඉතාමත් සතුටිනි. ජිවන ශෛලීන් පිළිබද ව ලියැවුණු නොයෙක් ප්‍රකාශන එළිදක්වන මුද්‍රණ කර්මාන්තයේ තියුණු වර්ධනයක් පවතින වෙළඳපලක තරගකාරිත්වයට මුහුණදීමට සිදුවුවද EQUAL GROUND ආයතනය EQUALITY සගරාව නිකුත් කරන්නේ අපි, සමසෙනෙහස් ප්‍රජාවගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ එකම ආයතනය වන බැවිනි.

EQUAL GROUND වසර 12ක් පුරා ‘දේදුනු පුවත්’ (‘Rainbow News’) පුවත් හසුන හරහා සමසෙනෙහස් ප්‍රජාව හා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින අපගේ මිත්‍රයින්ට අඛණ්ඩව අපගේ සේවාව ලබා දෙන්නට සමත් විය. පුවත් හසුන වෙනස් කර ජිවන ශෛලියන් පිළිබද ව කතාබහ වෙන සගරාවක් නිකුත් කිරීමෙන්, ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට තම අදහස් ප්‍රකාශ කිරීමට, දක්ෂතා එලි දැක්වීමට වඩා පුළුල් වේදිකාවක් තැනීම EQUAL GROUND හි අභිප්‍රාය වේ. ‘EQUALITY’ අන්තර්ගතය ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාව තුල රාමුගත වුවක් නොවන අතර මෙය ශ්‍රී ලාංකීය පාඨකයින් සෑම දෙනෙකුටම අදාළ වන, දැනුම බෙදාදෙන ප්‍රකාශනයක් ලෙස එළි දැක්වීම අපේ උත්සාහයයි.
“අපගේ උත්සාහය අපේ රටේ ජිවත්වන සමසෙනෙහස් ප්‍රජාවට භාෂා තුනෙන්ම අප හා සම්බන්ධ විය හැකි වේදිකාවක් තැනීමයි. එමගින්, ඔවුන් රටේ කොතැනක ජිවත්වුවත්, ආගම, ජාතිය, සමාජ තත්ත්වය කුමක් වුවත් ඔවුන්ට ඉදිරිපත්විමටත් අදහස් දැක්වීමටත් අවස්ථාවක් ලැබෙනවා,” EQUAL GROUND හි විධායක අධ්‍යක්ෂ රොසානා ෆ්ලේමර් කල්දේරා පැවසුවා ය. තවදුරටත් EQUAL GROUND හි මේ උත්සාහය පිළිබද ව අදහස් දක්වමින් ෆ්ලේමර් කල්දේරා පැවසුවේ “මෙම සගරාව හරහා ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට අයත්වන තරුණ ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට, ඡයාරුප ශිල්පීන්ට හා නොයෙක් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් වෘත්තිකයන්ට ඉඩකඩ ඔවුන්ගේ දක්ෂතාවයන්ට, නිර්මාණවලට , ව්‍යාපාරයන්ට ප්‍රචාරයක් හා ප්‍රසිද්ධියක් ලබාදීමට ඉඩ හසර ලබාදෙන බවයි.”
සෑම ආකාරයක ම සමාජ සුලුතරයන් එකලෙස පිළිගන්නා යහපත් සමාජයක් ඇතිකිරීමේ උත්සාහයේ ඉදිරි පියවරකි, ‘EQUALITY’ ප්‍රකාශනයට පත්කිරීම.

ආයතනය පිලිබදව කෙටි හැදින්වීමක් :
EQUAL GROUND ආයතනය, ශ්‍රී ලංකාවේ සමසෙනෙහස් ස්ත්‍රීන්, සමසෙනෙහස් පිරිමි, ද්විසෙනෙහස් , සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ලිංගික අනන්‍යතාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රශ්නභාවී පුද්ගලයින්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් හා දේශපාලන අයිතීන් දිනාගැනීම වෙනුවෙන් සටන් කරන ලාභ නොලබන ආයතනයකි. ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට සුරක්ෂිත සමාජයක් ඇතිකරලීමට අපි ඇප කැප වී ක්‍රියා කරමු. ශ්‍රී ලාංකීය සමසෙනෙහස් පුද්ගලයින්ගේ මානසික සුභසිද්ධිය සලසාලිම උදෙසා නොයෙකුත් අවස්ථා EQUAL GROUND හරහා ඇතිකර ඇති අතර ඔවුන් ආර්ථිකමය, සමාජීය හා දේශපාලනික වශයෙන් බලගැන්වීමට අපි කටයුතු කරමු. එමෙන්ම සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, නිවාස හා නීතිමය ආරක්ෂාවට ඇති ප්‍රවේශයන් පිළිබදව ද අපි ක්‍රියා කරමු.
සමසෙනෙහස් ප්‍රජාවේ සියලුම අනන්‍යතාවයන් මෙන්ම අපට නිරතුරුව සහාය දෙන සමාජයේ සැමදෙනා නියෝජනය වන පරිදි සැකසුනු එකම ආයතනය EQUAL GROUND ආයතනයයි.

අප හා සම්බන්ධ වීමට –
දුරකථනය : +94-11-2806184/ +94-11- 5679766 ෆැක්ස් : +94-11-2805704
වෙබ් අඩවිය : http://www.equal-ground.org
Web Blog: https://equalground.wordpress.com/
Twitter: EQUALGROUND
Facebook: facebook.com/EQUALGROUND
Youtube: youtube.com/user/equalground123

Continue reading this…

Find peace of mind: free counseling service for LGBTIQ persons

LEARN MORE

කොළඹ අභිමානය සංගීත වීඩියෝ

කොළඹ අභිමානය සංගීත වීඩියෝව යූ ටියුබ් වෙබ් අඩවියට මුදා හරින ලද බව ඊක්වල් ග්‍රවුන්ඩ් අායතනය ලෙස අපි ඔබ සමග ඉතා සන්තෝෂයෙන් බෙදා හදා ගැනීමට කැමැත්තෙමු.

කොළඹ අභිමානය 2015 සමරමින් මෙම සංගීත වීඩියෝවේ මංගල දර්ශනය ඊයේ රාත්‍රියේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයට (ගොතේ අායතනය ) එක් රොක් වූ ප්‍රේක්ෂකයන් සමූහයකට දැක ගන්නට ලැබුණි.

සම්පූර්ණයෙන් ලාංකීය සංකලනයක් වන Nothing but Pride ගීතය රූප ගත කරන ලද්දේ කොළඹ නගරයේ විවිධ ස්ථානවලදීය. මෙම ගීතය යූටියුබ් හි නරඹා මෙම වීඩියෝව තව තවත් ජනප්‍රිය කර ගැනීමට අපට සහාය වන්න.

Continue reading this…

ජාත්යන්තර කාන්තා දිනය 2015

මෙම වසරේදී EQUAL GROUND ආයතනය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය කොළඹ (මාර්තු 4), මාතර (මාර්තු 7), නුවරඑළිය (පෙබරවාරි 20) හා පුත්තලම (මාර්තු 1) සමරයි.

Continue reading this…