සම්බන්ධ වන්නේ කෙසේද?

දායකත්වය
සියලු දායකත්වය ආර්ථිකමය වශයෙන් විය යුතු නැත. ඔබට විවිධ ක්‍රම ඔස්සේ උපකාර කළ හැකි අතර එම උපකාරයන් අපගේ අනාගතය අප දැකීමට කැමති ආකාරයට අපව වෙනස් කරනු ඇත. ඔබට ඔබේ වටිනා කාලය වෙනස් පැතිකඩයන් කිහිපයක් හරහා අප වෙනුවෙන් කැප කළ හැකි වන අතර එය දුරකථන උපදේශන සේවාව හරහා හෝ ප්‍රයිඩ් කාලයේදී ප්‍රයිඩ් උත්සවය සඳහා හෝ විය හැක. (අපිට නිරන්තරයෙන්ම වසරක් පාසා සිදු කරන විවිධ වූ උත්සව අවස්ථා සඳහා විශාල පිරිසකගේ උපකාර අවශ්‍ය වී තිබේ.) එමෙන්ම ගොනු කිරීම, යතුරු ලියන කටයුතු, පරිවර්තන කටයුතු ආදී දිනපතා සිදු වන පරිපාලන කටයුතු සඳහාද උපකාර අවශ්‍ය වේ. යම් අධීක්ෂණයක් යටතේ පුහුණු වන්නන්ද පිළිගනු ලැබේ. අප සතුව පුළුල් විවිධත්වයකින් යුත් ව්‍යාපෘති ඇති අතර අපගේ අරමුණු වෙත ළඟා වීමට දක්ෂ, වෙහෙස වී කටයුතු කරන පුද්ගලයින් අවශ්‍ය වේ. එමෙන්ම විදේශ රට වල සිටින ස්වේච්චාවෙන් වැඩ කරන පුද්ගලයින්ද පුහුණු වන්නන්ද පිළිගනු ලැබේ.

ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම:

අපිට උපකාර කිරීම සඳහා ස්වේච්චාවෙන් සහභාගී වන පුද්ගලයින් අවශ්‍ය වේ! ඔබ ඔබේ කාලය සහ ශක්තිය කැප කරමින් ශ්‍රී ලංකාවේ LGBTIQ අයිතිවාසිකම් සඳහා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වීමට කැමති අයෙක් නම් අපව දැන්ම අමතන්න. නැත්නම් අපට ලියන්න.
පොත් සහ වීඩියෝ දර්ශන – LGBTIQ සහ මානව අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රකාශන සඳහා දායකත්වය පිළිගනු ලැබේ.

ප්‍රකාශන සහ නිෂ්පාදන:

ලේඛකයින්ට සම්මාදම් වීම සඳහා තුන් මසකට වරක් සිදු කරනු ලබන පුවත් ලිපිය සඳහාත් දේදුනු පුවත් සඟරාව සඳහාත් අප විසින් දිරිමත් කරනු ලැබේ. ලොව පුරා පාඨක සමූහයක් තනමින් වර්තමානයේ දේදුනු පුවත් සඟරාව ඩිජිටල්කරණය කර ඊක්වල් ග්‍රවුන්ඩ් වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ ඉතිහාසය ලේඛනගත කිරීම සඳහා ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය විසින් තරුණ, දක්ෂ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ව සහ වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ව දිරිමත් කරනු ලැබේ. එමෙන්ම අප විසින් සිදු කරන ප්‍රධාන ධාරාවේ කාර්යයන් හෙවත් LGBTIQ ගැටළු, අසාධාරණකම්, වෙනස් කොට සැලකීම් සහ විරුද්ධ වීම් සම්බන්ධ වාර්තා චිත්‍රපට නිර්මාණය සඳහා උපකාර කළ හැක.

LGBTIQ සහ මානව අයිතීන් සම්බන්ධ ප්‍රකාශන/ග්‍රන්ථ මෙන්ම LGBTIQ නව කතා, කවි, චරිත කතා නිර්මාණය සඳහා ඔබගේ දායකත්වය සතුටින් භාර ගනු ලැබේ.

ශ්‍රී ලාංකීය නීතියට විරුද්ධ, ස්වාභාවයෙන් අශෝභන දෑ අපට පිළිගත නොහැක.

ඔබගේ අවබෝධය සහ සහයෝගයට ස්තුතියි.

ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ සිදු වන කාර්යන් සඳහා සම්මාදම් වීමට අවශ්‍ය නම්, කරුණාකර අපව දුරකථන මාර්ගයෙන් හෝ ෆැක්ස් මාර්ගයෙන් හෝ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් හෝ අමතන්න.

පරිත්‍යාග කිරීම

ඔබගේ ආර්ථිකමය දායකත්වය ඉතාමත් සතුටින් භාර ගනු ලැබේ. එම පරිත්‍යාගයන් මඟින් අපගේ ආයතනය සහ ආරක්‍ෂිත ස්ථානය ක්‍රියාත්මක වීම සහ දියුණු වීම සිදු කරනු ලැබේ.

ඔබට දැන් පහසුවෙන් අපට ආධාර කළ හැකිය. ශ්‍රී ලාංකීය රුපියල් හෝ යූරෝ හෝ ඇමෙරිකානු ඩොලර් හෝ ඕස්ට්‍රේලියන් ඩොලර් සහ බ්‍රිතාන්‍ය ස්ටීලින්ග් පවුම් ආදිය පේ පෑල් මාර්ගයෙන්ද විද්‍යුත් තැපෑල හරහා චෙක්පතක් එවීමෙන්ද සිදු කළ හැක. අනෙක් ව්‍යවහාර මුදල්ද පිළිගනු ලැබේ. ඔබගේ චෙක් පත එවීමට පෙර කරුණාකර අප සමඟ සම්බන්ධ වන්න. ඔබට අපගේ තැපැල් ලිපිනය සඳහා විද්‍යුත් තැපෑලයෙන් සම්බන්ධ විය හැක.