සාමය සතුටපිරි සුභ නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඊක්වල් ග්‍රවුන්ඩ් වන අප ඔබ සියලුම දෙනාට සාමකාමී හා ප්‍රීතිමත් නිවාඩු වකවානුවක් වේවායි ප්‍රර්ථනා කරමු!

ශ්‍රී ලංකාව තුල LGBTIQ ප්‍රජාව කෙරෙහි නිදහස, යුක්තිය හා සමානාත්මතාවය උදෙසා නන් අයුරින් සහයෝගය ලබාදුන් සැමට ස්ත්තුති වන්ත වීමට මෙය අවස්ථාවක් කරගැනීමට කැමැත්තෙන් පසුවෙමු. මන්ද අපට මුල්‍යාධාර ලබාදීම මෙන්ම හිතමිත්‍රාදීන් හා ප්‍රජාවේ සමාජිකයින්ගේ සහයෝගය නැතිව අපගේ කර්තව්‍යන් සාර්ථකව කරගෙන ඉදිරියට යාම අපහසු වන බැවින් ඔබ සැම ලබාදුන් සහයෝගය වෙනුවෙන් අප ඉතා කෘතඥ පුර්වක වෙමු.

මෙම 2018, සාර්ථක අංග වලින් හෙබි වසරක් ලෙස හැදින්විය හැක. එනම්, ගිය වසරයන්ට සාපේක්ෂව මෙවරත් ‘කොලඹ අභිමානය’ නියමිත දිනයන්හි පැවැත්වූ අතර මෙවර විශේෂාංගයක් ලෙස යුරෝපානු කොමිසමේ (ශ්‍රී ලංකා හා මාලදිවයින) සහයෝගය ඇතිව ‘අභිමානී සිනමා උළෙල’ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. දින 4ක් මුළුල්ලෙහි සිනමාවන්, යුරෝපයට පමණක් සිමා නොවූ ටොන්ගා, තායිවාන්, ඕස්ට්‍රේලියානු හා ඉන්දියානු සම්භවයක් සහිත චිත්‍රපටි මෙහි තිරගත විය. මේ සදහා වාර්තාගත බිදහෙලමින් ප්‍රේක්ෂකයින් සහාභාගී වූ අතර අප මේ සදහා විශේෂ ස්ත්තුතිය යුරෝපානු කොමිසමේ (ශ්‍රී ලංකා හා මාලදිවයින) නියෝජිතයින් වෙත පුද කිරීමට බලාපොරොත්තු වෙමු.

එමෙන්ම, 2018 අප්‍රේල් මස ලන්ඩන්හි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව තුල අප විධායක අධ්‍යක්ෂිකා සදහා පොදු රාජ්‍ය මණ්ඩලීය සමානාත්මතාවය සදහා වූ ජාලය තුල අසුනක් හිමි වීම LGBTIQ ප්‍රජාවෙහි උන්නතිය උදෙසා ක්‍රියාකරන සංවිධානයක් වශයෙන් අප ලද මහත් භාග්‍යක් ලෙස සලකමු. මන්ද එහිදී අප විධායක අධ්‍යක්ෂිකා වර්තමානය තුල ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුල LGBTIQ ප්‍රජාව මුහුණ දෙන ගැටළු මෙන්ම පවතින තත්වයන් පාරදෘශ්‍ය භාවයකින් යුතුව තම හඩින් ඉදිරිපත් කරන ලදී. අපගේ සාකච්ජාවන් තුල බ්‍රිතාන්‍ය අගමැතිනි ප්‍රකාශ කලේ, “සමරිසි භාවය සදහා වූ ආන්ථිකරණ නිතින් ලෝකය වසා පැතිරවූ රට බ්‍රිතාන්‍ය වන බව මම දනිමි. එසේ කිරීම වැරදි මෙන්ම ඒ පිළිබද නොසලකා සිටීම ද වැරදිය.” එමෙන්ම අගමැතිනියගේ අදහස වුයේ, “මා ගැඹුරින්ම කනගාටු වන්නේ මෙම නීතීන් හදුන්වාදීම තුලින් සිදුවුයේ අද වනතෙක් ආන්ථිකරණය මෙන්ම ප්‍රචණ්ඩත්වයහි දිගුවක් බවයි.” ට්‍රිනිට්‍රැඩ් ටොබැගෝ හා ඉන්දියාව 2018 වසර තුල නිර්-අපරාධකරණිය කරගැනීම සිදුවිය.

2018 වසර අවසන් විමට මාස දෙකක් තිබියදී ඔක්තෝබර් අවසානයේ සිදුවූ දේශපාලන හා ව්‍යවස්ථාමය පෙරළියත් සමග ජනාධිපතිගේ සමරිසි භීතිකාව හේතුවෙන් විවිධ අනන්‍යතාවයෙන් යුත් ලිංගික ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුකරනු ලැබූ ප්‍රකාශයත් සමග ගිලිහුණු යහපාලන රජය නැවත කරලියට ගෙන සියලුම මානවයින්ට ගරුත්වයෙන් හා සාමකාමිව ජිවත් වීමට ඇති අයිතිය ස්ථාපිත කිරීම උදෙසා ‘ප්‍රජාතන්ත්‍රවාදය සදහා සමනල්ලු’ නමින් උද්ඝෝෂණයක් LGBTIQ ප්‍රජාවෙහි උන්නතිය උදෙසා වැඩකරන සියලුම සංවිධාන හා ප්‍රජාවේ සමාජිකයින් මුලිකත්වය යටතේ සංවිධානය විය. ඊක්වල් ග්‍රවුන්ඩ් වන අප සංවිධානයද මෙහිදී අභිමානයෙන් යුතුව උද්ගෝෂණයට සහභාගී වීමෙන් මෙන්ම සංවිධානය කිරීමෙහි කටයුතු සදහාද සහභාගී විය. එමෙන්ම බැනර් නිර්මාණය කිරීම, පුවරු නිර්මාණය කිරීම ඇතුළු නන් අයුරින් සහයෝගය ලබාදුන් සැමට ස්ත්තුති වන්ත වීමට මෙය අවස්ථාවක් කරගැනීමට අදහස් කරමු. සැබවින්ම මෙම ක්‍රියාවලිය තුලින් පිලිඹිබු වන්නේ ‘අභිමානී පාගමනක්’ (PRIDE March) වුවද පැවැත්විය හැකි බවයි.

සාමය සතුටපිරි සුභ නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා!