ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු

මාධ්‍ය නිවේදනය : 2018, දෙසැම්බර් 07, කොලඹ, ශ්‍රී ලංකාව

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලු හිතමිත්‍රාදීන් එක්ව වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය පසෙකලා පවතින වාතාවරණය හේතුවෙන් සැමට සමානව ප්‍රජාතන්ත්‍රවාදය, ආත්ම ගරුත්වය සහ ගෞරවයට ඇති අයිතිය දිනාගැනීම උදෙසා දෙසැම්බර් 07 වන සිකුරාදා, ප.ව. 4.00 – 6.00 දක්වා කොලඹ ලිප්ටන් වටරවුම අභියස සැවොම එකට රැස්විමට සුදානම් කර තිබේ.

1883 බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් යටතේ සමරිසි භාවය අපරාධයක් ලෙස හැදින්වූ දා සිට අද දකවා වසර 135ක් ගෙවී යන අවස්ථාවක, ශ්‍රී ලංකාව අභිමානවත්ව 70 වෙනි නිදහස සමරන මොහොතක ද තවමත් ශ්‍රී ලංකාව තුල LGBTIQA ප්‍රජාව වෙනස් කොට සැලකීම හා ආන්ථිකරණයට ලක් කිරීම බහුලව දැකිය හැකි කරුණක් වේ. මේ වන විට එක්සත් රාජධානිය ඇතුලු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 35ක් සමරිසි භාවය නිර් අපරාධකරණිය කරගෙන යමින් සිටින අතර මෑතකදී ලත් හොදම නිදසුන ලෙස අසල්වැසි ඉන්දියාව ද නිර් අපරාධකරණිය කිරීමත් සමග ශ්‍රී ලංකාව තවමත් මන්දගාමී ස්වරුපයක් ගන්නේ ඇයිද යන්න ගැටලුව පැන නැගී ඇත.

මේ වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලකයින් LGBTIQA ප්‍රජාව අසහනකාරයින් හෝ ලෙඩ්ඩුන් යනුවෙන් නිරන්තරයෙන් නිගරු කරමින් ජන්ද ලබාගැනීමට උත්සහා කිරීම බහුලව දක්නට ලැබුවද අවධාරනය කල යුතු වන්නේ විද්‍යාත්මකව හෝ වෛද්‍ය විද්‍යාත්මකව මේ පිළිබද සනාථ කොට නොමැත.
අප ලිප්ටන් වටරවුම වෙත රැස්ව අතිගරු ජනාධිපති හා ඇතුළු මැති ඇමතිවරුන්ට අවධාරණය කිරීමට බලාපොරොත්තු වන්නේ, ඔබලා පාලනයට ගෙන එම උදෙසා මහගු දායකත්වයක් දරු සමාජයේ LGBTIQA ප්‍රජාව වන අප විශාල ජන්දදායක කොටසක් බවයි. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික රටක ව්‍යවස්ථාවට පටහැනිව ගොස් කටයුතු කිරීම ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සැමට සමාන ප්‍රජාතන්ත්‍රවාදය, ආත්ම ගරුත්වය සහ ගෞරවයට ඇති අයිතිය ස්ථාපිත කිරීම උදෙසා කටයුතු කරන මෙන් ඉල්ලා සිටීම මෙහි අරමුණු වේ. උද්ගත වී ඇති තත්වය තුල අප විවිධ කණ්ඩායම් සමග එක්ව නැගී සිටින මොහොතක මෙම උද්ගෝෂණය උදෙසා ද සහභාගී වන ලෙසට ආරාධනා කරන්නෙමු.

#butterfliesfordemocracy