LGBT ප්‍රජාවට සිදුවන හිංසනයන්ට එරෙහිව නැගීසිටිමු

සමසෙනෙහස්, ද්වීසෙනෙහස්, සංක්රාන්ති සමාජභාවී, අන්තර් ලිංගික හා තම අනන්යතාවය ප්රශ්නභාවී ප්රජාව බොහෝවිට තම නෑදෑ හිත මිතුරන්ගෙන්, සමකාලීනයන්ගෙන් සහ නීතිමය බලපෑම් හේතුවෙන් මානසිකව, ශාරීරිකව සහ කායිකව හිංසන හා පීඩනයන්ට ලක්වන අතර මෙම හිංසාකාරී අවස්ථාවන් විවිධ අයුරින් සිදුවේ. ශ්රී ලංකාවේ LGBTIQ ප්රජාව සදහා නිශ්චිත ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එවැනි තත්වයන් බොහෝවිට සමාජ ගැටළු ලෙස කතාවට ලක් නොවී යයි.

ඔබ හෝ ඔබ දන්නා අයෙකු ඔවුන්ගේ ස්ත්රී-පුරුෂ සමාජභාවය හෝ ලිංගික දිශානතිය මූලික කරගෙන මෙවැනි හිංසන හා පීඩාවන්ට ලක්වූ අයෙකු නම්, ඔබට අවශ්ය නීතිමය සහය, වෛද්ය සහය හෝ භාවාත්මක උපදේශන සහය ලබාදීමට අපට හැකිය.

දුරකථන අංක 0114 334277 | කෙටි පණිවුඩ/WHATSAPP – 0777677333 |
FACEBOOK

[01] බොහෝවිට සමසෙනෙහස් කාන්තාවන්ට ඔවුන්ගේ කැමැත්තකින් තොරව විවාහ වීමට බලපෑම් ඇතිවන අතර එමගින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම මානසික, කායික සහ ලිංගික හිංසනයන්ට ගොදුරු වීමට සිදුවේ.

[02] ප්රිය සම්භාෂණ, ආපනශාලා වැනි නොයෙකුත් පොදු ස්ථාන වලදී තම ජීවන සහකාරිය සම`ග කාලය ගත කරන සමසෙනෙහස් කාන්තාවන්ට ඔවුන්ගේ ලිංගිකත්වය හෝ ලිංගික ප්රකාශනය හේතුවෙන් කායික හිංසනයන්ට හෝ වාචික හිංසනයන්ට ලක්වීමට සිදුවේ.

[03] පොලිස් නිලධාරීන්, යම් ප්රතිලාභ ලබාගැනීමේ අරමුණින් අත්තනෝමතික ලෙස සමසෙනෙහස් පිරිමින් අත්අඩංගුවට ගන්නා අතර එමගින් ඔවුන් ශාරීරිකව සහ මානසිකව පීඩනයට ලක් කරයි.

[04] සමසෙනෙහස් සමාජභාවයෙන් යුක්ත පිරිමින් සහ පිරිමි ළමයින් ඔවුන්ගේ ලිංගික දිශානතිය හා ලිංගික ප්රකාශනය හේතුවෙන් නෑදෑහිත මිතුරන්ගෙන් සහ සමකාලීනයන්ගෙන් ලිංගික අපයෝජනයන්ට ලක්වේ.

[05] සංක්රාන්තික කාන්තාවන්ගේ ස්ත්රී පුරුෂ සමාජභාවය හා ලිංගික ප්රකාශනය හේතුවෙන් නීතිමය බලපෑම් මත ලිංගික හිංසනයන්ට ලක්වේ.

[06] සංක්රාන්තික කාන්තාවන්ගේ ස්ත්රී පුරුෂ සමාජභාවය හා ලිංගික ප්රකාශනය හේතුවෙන් මගතොටදී වාචිකව, ශාරීරිකව හා ලිංගිකව හිංසනයන්ට ලක්වේ.

[07] එදිනෙදා ජීවිතයේ දී නීතිමය බලපෑම් මත ද, ඇතැම් වෛද්ය අංශයන් වලදී සහ රැකියා ස්ථාන වලදී ද සංක්රාන්තික පිරිමින්ට, ඔවුන්ගේ ලිංගික අවයව පිළිබදව ප්රශ්ණ කිරීමට ලක්වන අතර ඇතැම්විට ඔවුන්ගේ ලිංගික අවයව නිරාවරණය කර පෙන්වීමටද බල කරනු ලැබීම නිසා මහත් භාවාත්මක පීඩනයන්ට ලක්වේ.

[08] සංක්රාන්තික පිරිමින්ගේ ස්ත්රී පුරුෂ සමාජභාවය හා ලිංගික ප්රකාශනය හේතුවෙන් ඔවුන්ව එයින් “නිරෝගී” කරවීමට යැයි කියා නෑදෑහිත මිතුරන්ගෙන් ලිංගික හිංසනයන්ට ලක්වේ.

BREAK THE SILENCE