අප ගැන

ඊක්වල් ග්‍රවුන්ඩ් යනු ශ්‍රී ලංකාවේ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්නාර්ථයක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විත වන සමසෙනෙහස් ප්‍රජාවගේ (LGBTIQ) මානව සහ දේශපාලන අයිතීන් වෙනුවෙන් වැඩ කරන ලාභ නොලබන ආයතනයකි.

සමසෙනෙහස් ප්‍රජාවේ සියලුම පුද්ගලයන්ට ක්ෂේම භූමියක් නිර්මාණය කිරීමට, මානසික සුවතාවය, ආර්ථික, සාමාජීය සහ දේශපාලන බලගැන්වීම සිදු කිරීමට, සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය, අධ්‍යාපනය, නිවාස සහ නෛතික ආරක්ෂාව ඇතුළු කරුණු සඳහා නිසි ලෙසින් මුහුණදීම සඳහා ඔවුන්ට අවස්ථා සපයා දීමට, අපි ඇප කැපවී කටයුතු කරමු.

සත්‍ය වශයෙන්ම ඊක්වල් ග්‍රවුන්ඩ් යනු ශ්‍රී ලංකාවේ සමසෙනෙහස් ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන එකම මිශ්‍ර සංවිධානය වේ. පුළුල් පරාසයක විහිදුණු විවිධ අනන්‍යතාවයන් ඇති සමසෙනෙහස් ප්‍රජාවට අයත් පුද්ගලයෝ ද, අපගේ විෂමලිංගික හිතමිතුරෝද අප සමග සිටිති.

මූලික ආචාර ධර්ම?
අප විසින් සිදුකරන සෑම කාර්යයක දී ම අපි නිරන්තරයෙන් අපගේ වෘත්තීමයභාවය ආරක්ෂා කරන්නෙමු. ඉතා පැහැදිලි වෘත්තීය ආචාර ධර්ම පද්ධතියකට අනුකූලව අපගේ භාරකාර මණ්ඩලය හා සේව්‍ය මණ්ඩලය කටයුතු කරති. අපි විනිවිධභාවයකින් යුතුව කටයුතු කරන අතර ඉහළ ආචාර ධර්මීය ප්‍රමිතීන් අනුව අපගේ එදිනෙදා කටයුතුවලදී පවා විශ්වාසනීයත්වය, ආරක්ෂාව සහ රහස්‍යභාවය සුරැකීමට කැපවී කටයුතු කරන්නෙමු.

අපි සමාන අවස්ථා ලබාදීම සහ ජනවාර්ගිකත්වය, භාෂාව, ආගම, ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනාදිය සම්බන්ධයෙන් සමාන නියෝජනයක් අප ආයතනය සිදු කරන සෑම කටයුත්තකදීම පවත්වා ගැනීම සම්බන්ධයෙන් තදින් විශ්වාස කරන්නෙමු. අපි අන් අයට ආදර්ශයක් වීම තුළින් සියලුම ලිංගික දිශානතීන් සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයන් අන්තර්කරණය හා සමානාත්මතාවය ඇති කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගන්නට කටයුතු කරන්නෙමු.

දැක්ම?

“සියලුම ලිංගික දිශානතීන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාවයන් ඇති මිනිසුන්ට සමානාත්මතාවය: සැමට මානව අයිතිවාසිකම්”

අප හා සම්බන්ධ වන්න?

දායකත්වයන් ?

දායකත්වයන් යනු මුදලින් කරන ඒවා පමණක්ම නොවේ. ඔබට අපිට විවිධ අයුරින් උදව් කළ හැකිය. එසේ කිරීමෙන් අපි අනා‍ගතයේ ඇති කරන්නට බලාපොරොත්තු වන වෙනසක කොටස්කරුවන් වීමට ඔබට ඒ හරහා දායක වන්නට පුළුවන.
ඔබට ඔබේ කාලය ස්වේච්ඡාවෙන් අප වෙනුවෙන් වැය කළ හැකිය. විශේෂයෙන්ම කොළඹ අභිමානය උත්සව සමය තුළදී මෙන්ම, අපගේ උපදේශන සේවාවට සම්බන්ධ වීමෙන් ද, වෙනත් විවිධ අයුරින් ද ඔබට එය සිදු කළ හැකිය. (සෑම අවුරුද්දකම අපි පවත්වන උත්සව අවස්ථා කිහිපයකදීම අපට ශ්‍රමයෙන් උදව් කරන්නට කැමැති අය අවශ්‍ය වේ). එදිනෙදා කරන කාර්යාල කටයුතුවලදී සිදුකෙරෙන පරිවර්තන කිරීම, ලිපි ගොනු සැකසීම, පරිගණක යතුරු ලියනය වැනි කටයුතුවලදී ද අපට උදව් කරන්නට ඔබට හැකිය.

සීමා වාසී පුහුණු (පර්යේෂකයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ආදින් සඳහා) – අපට උදව් කිරීමට කැමති ඔබට අප සංවිධානයේ ව්‍යාපෘති ගණනාවක සීමා වාසික පුහුණු අවස්ථා ගණනාවක් ඇත. අපේ රටෙන් මෙන්ම විදෙස් රටවලින් පැමිණෙන ස්වේච්ඡා සේවකයන් සහ සීමා වාසික පුහුණු අපේක්ෂිතයන්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය.

මුද්‍රිත ප්‍රකාශන සහ නිෂ්පාදන?

ලිවීමට හැකියාවක් ඇති පුද්ගලයන්ට සහ ලේඛකයන්ට අපගේ “දේදුනු පුවත්” වාරික පුවත්ලිපිය සඳහා දායකත්වය සැපයීමට ආරාධනා කර සිටිමු. දේදුනු පුවත් වාරික පුවත්ලිපිය දැන් අන්තර්ජාලය හරහා ලොව පුරා විසිරෙන පාඨක සමූහයක් විසින් කියවනු ලැබේ.

දක්ෂතා ඇති, තරුණ වාර්තාමය සහ වෘත්තාන්තමය චිත්‍රපට නිර්මාණකරුවනි, ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ ඉතිහාසය වාර්තාමය චිත්‍රපට බවට නැගීමට ද, මානව අයිතිවාසිකම් අධිවාචනය සඳහා යොදා ගත හැකි වාර්තාමය චිත්‍රපට නිර්මාණකරණයට ද අපි ඔබට අවැසි සහයෝගය ලබා දීමට සූදානම්. ඒ හරහා ලාංකීය සමසෙනෙහස් පුද්ගලයන්ගේ ගැටළු මහජනයා අතර සාකච්ඡාවට බඳුන් කිරීමට ද, අසාධාරණය, වෙනස්‍ කොට සැලකීම, නොඉවසීම වැනි කරුණුවලට එරෙහිව කතා කිරීමට ද ඔබටත්, අපටත් නිසැකින්ම හැකි වනු ඇත.

එසේම අප ආයතනයේ පුස්තකාලය වෙත සමසෙනෙහස් සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හෝ මානව අයිතිවාසිකම් ගැන කියවෙන පොත් පත්/ මුද්‍රිත ප්‍රකාශන, නවකතා, කවි පොත්, චරිත කතා ආදිය ලබා දිය හැකිය.

ශ්‍රී ලංකාවේ නීතියට විරුද්ධ බැවින් ස්වභාවයෙන් ම අසභ්‍ය වන අන්තර්ගතයක් ඇති කිසිම ප්‍රකාශනයක්, නවකතාවක්, කවි පොතක් හෝ චරිත කතාවක් අපට භාර ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.?

පරිත්‍යාග?

ඔබ විසින් මුදලින් කරන පරිත්‍යාග ද අපට අතිශයින් වැදගත්ය. අපගේ සංවිධානයේ සහ කාර්යාලයේ අඛණ්ඩ පැවැත්ම සහ නඩත්තුව සඳහා මේ මුදල් අවැසි වේ.

ඔබට දැන් පේ පෑල් -PAYPAL හරහා (පහත දැක්වෙන ලින්කය මත ක්ලික් කරන්න) හෝ ඔබගේ චෙක් පත අප වෙත තැපැල් කර එවීමෙන් මෙම පරිත්‍යාග සිදු කළ හැකිය. ශ්‍රී ලංකා රුපියල්, යූරෝ, ඇමෙරිකන් ඩොලර්, ඕස්ට්‍රේලියන් ‍ඩොලර් සහ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම්වලින් අදාළ ගෙවීම් සිදු කළ හැකිය. වෙනත් මුදල් වර්ග සමහරවිට භාර ගත හැකි අතර, එසේ කරන්නේ නම්, අප වෙත මුදල් එවීමට පෙර අපට අමතා ඒ බව තහවුරු කර ගන්න. ඔබට අපේ තැපැල් ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට මෙම චෙක්පත් එවිය හැකිය.

සාමාජිකත්වය – ඊක්වල් ග්‍රවුන්ඩ්හි සාමාජිකයකු වීම හරහා ඔබට අප‍ වෙත සහයෝගය දක්වන්නට පුළුවන. ඔබට මෙය දේශීය සාමාජිකයෙකු (ශ්‍රී ලංකාව) හෝ විදේශීය සාමාජිකයකු (වෙනත් රටක) ලෙස මේ සඳහා දායක විය හැකිය. විදේශීය අය සඳහා සාමාජික අයදුම්පත් පහත ලින්කය මත ක්ලික් කිරීමෙන් ලබා ගන්න. (අයදුම්පත මුද්‍රණය කර ඔබගේ චෙක්පත සමඟ එවන්න).

අපගේ තැපැල් ලිපිනය දැන ගැනීම පිණිස අපවෙත විද්‍යුත් ලිපියක් (ඊ-මේල්) එවන්න. ඔබ ශ්‍රී ලංකාවේ නම් සාමාජිකයකු වන්නේ කෙසේ දැ’යි දැන ගැනීමට අප වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

දුර : +94-11-5679766/+94-11-2512977
ෆැක්ස් : +94-11-2512296
විද්‍යුත් ලිපිනය : equalground@gmail.com

උපදේශන සේවාව?

ශී‍්‍ර ලංකාවේ LGBTIQ පුද්ගලයින්ට මානසික බිඳ වැටීම් බහුලය. එම නිසා අප ඔවුන්ට උපදේශන සේවා භාෂා තුනෙන්ම ලබා දෙමු. ඛඊ කාන්තාවන් සඳහා කාන්තාවන් පමණක් අමතන දුරකථන මාර්ගයක්ද ඇත.

අමතර ක‍්‍රියාකාරකම්?

අප ආයතනයේ සේවක සේවිකාවන් 14 දෙනෙකු විසින් මෙම රහස්‍ය ස්ථානය පවත්වාගෙන යන අතර LGBTIQ පොත්පත් අඩංගු පුස්තකාලයක් සහ වීඩියෝ පටද අප සතුව ඇත. LGBTIQ ප‍්‍රජාව සඳහා අමතර ක‍්‍රියාකාරකම් වශයෙන් නැටුම් පංති, කරාටි පංති, වීඩියෝ පට ප‍්‍රදර්ශනය, සාද හා සුහද හමුවීම් පවත්වනු ලැබේ.

සෞඛ්‍ය සේවා?

කොන්ඩම්, ලිහිස්සිකාරක ජෙල් ආදර පාට සහ පියයුරු පිළිකා නිබන්ධන අප බෙදා දෙන අතර ලිංගික හා ප‍්‍රජනක සෞඛ්‍ය පිළිබඳ වැඩමුළුද අප විසින් පවත්වනු ලැබේ.

ලිඛිත මුද්‍රිත?

01. මිනිසත් බවේ අයිතිය
02. පියයුරු හා ගැබ්ගෙල පිළිකා.
03. අඳුරෙන් එළියට
04. පිටතට පැමිණීම
05. යෝගකර්තා මූලධර්ම
06. දේදුනු පුවත්
07. සමලිංගික භීතිකා ප‍්‍රචණ්ඩත්වය

මාධ්‍ය හා සන්නිවේදන අංශය?

මෑතකදි ඊක්වල් ග‍්‍රවුන්ඞ් ආයතනය මාධ්‍ය හා සන්නිවේදන අංශය ස්ථාපිත කරන ලදි.
මාද්‍ය අංශයේ පෙළහර
01. ජාත්‍යන්තර කාන්තා දිනය
02. ජාත්‍යන්තර සමලිංගික භීතිකා දිනය.
03. මානව අයිතිවාසිකම් දිනය
04. ලෝක ඒඩ්ස් දිනය.
05. ජාත්‍යන්තර කාන්තා ප‍්‍රචණ්ඩත්වයට එරෙහි දිනය.

වැඩමුළු?

අප විසින් විවිධ වැඩමුළු ලංකාවේ විවිධ ප‍්‍රදේශ වල විවිධ මාතෘකා යටතේ පවත්වනු ලැබේ. ඉන් සමහරක් ලිංගිකත්වය, ස්ත‍්‍රි පුරුෂ සමාජභාවි අනන්‍යතාව, පිතෘමූලික වාදය යනාදියයි.

පරිවාරක නිළධාරින්?

අපට පරිවාරක නිළධාරින් 10 දෙනෙකු දිස්ත්‍රික්ක 4 කින් සිටින අතර ඔවුන් ලිංගිකත්වයට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය වෙනුවෙන් වැඩ කරනු ලබයි. එම දිස්ත්‍රික්ක නම් අනුරාධපුර, නුවරඑළිය, ගාල්ල සහ කළුතර.

ස්ටික්මා අපකීර්ති දර්ශකය?

ලංකාවේ LGBTIQ ප‍්‍රජාවට එරෙහිව සිදුවන අපකීර්තිය හා ප‍්‍රචණ්ඩත්වය සඳහා අප විසින් ස්ටික්මා අපකීර්ති දර්ශකය නමින් ව්‍යාපෘතියක් දියත් කරන ලදි. එහි වාර්තාගතමය තොරතුරු අප ආයතනයේ අධිවාචනය සඳහා භාවිතා කරනු ලැබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමානාත්මතා වැඩසටහන් (ICES සමග ඒකාබද්දව)?

LGBTIQ ප‍්‍රජාවට සිදුවන අපකීර්තියට හඬක් නැගිමට ICES ආයතනයේ දොස්තරවරුන් සහ නීතිඤ්ඤයන් සමඟ අප විසින් වැඩසටහන් දියත් කරනු ලැබේ.

ශ‍්‍රි ලංකා පෞද්ගලික අංශ සමග අත්වැල් බැඳ ගැනීම?

කෝපරේට් ශ‍්‍රි ලංකා ආයතනය LGBTIQ ප‍්‍රජාව වෙනුවෙන් හඬක් නැගිමට ඇති හොඳම ආයතනය වන බැවින් අප ඔවුන් සමඟ ද ඒකාබද්දව පුහුණු කිරිමේ වැඩමුළු දියත් කරමු.

ග‍්‍රාමීය ප‍්‍රජා මූල සංවිධාන සමග ඇති ඒකාබද්දතාව?

අප දුෂ්කර ග‍්‍රාමිය ප‍්‍රදේශ වල ඇති ප‍්‍රජා මූල සංවිධාන සමග ඒකාබද්දව ලිංගිකත්වය, ස්ත‍්‍රි පුරුෂ සමාජභාවි අනන්‍යතාව, පිතෘමූලික වාදය යනාදිය පිළිබඳ එම ප‍්‍රදේශ පහුණු වැඩසටහන් දියත් කරන්නෙමු.

අධිවාචමය වාර්තාගත ක‍්‍රියා?

අප ආයතන විසින් අධිවාචමය වාර්තාගත ක‍්‍රියා කිහිපයක් කර ඇත. ඒවානම් කොළඹ අභිමානය 2006, සුනාමි 2006, 365 ඉවත් කරනු 2011, මට සිහිනයක් ඇත 2008, සහ ආන්ටි නෙටා ආදිය වේ.

තරුණ ජාලය?

අප ආයතනයේ 70% ක්ම සේවක සේවිකාවන් තරුණ අය වන අතර තරුණ ජාලය මගින් LGBTIQ තරුණ තරුණියන් ඒකාබද්ද කර ඔවුන් වෙනුවෙන් වැඩමුළු දියත් කිරිම සිදු කරනු ලබයි.

සංක‍්‍රාන්ති සමාජභාවි ව්‍යාපෘතිය?

මෙම ව්‍යාපෘතිය 2012 දී ආරම්භ වන අතර මෙමගින් සංක‍්‍රාන්ති සමාජභාවි පුද්ගලයින් ඒකාබද්ද කර ඔවුන් වෙනුවෙන් වැඩමුළු දියත් කිරිම සිදු කරනු ලබයි.

LGBTIQ මානව සම්පත් හා පුහුණු කිරිමේ මධ්‍යස්ථානය?

මෙය අපි ඉතාමත් ඉක්මනින් දියත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙමඟීන්. LGBTIQ ප‍්‍රජාවට නොමිලේ පුහුණු පාඨමාලා ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු. ඒවා නම් ඉංග‍්‍රීසි, රූපලාවන්‍ය සහ ඉහුම් පිහූම් ආදිය වේ.

අන්තර්ජාලය?

භාෂා තුනෙන්ම අපගේ අන්තර් ජාලයට ඔබට ලොග් විය හැකි අතර ෆේස්බුක් හිද අප සඳහා වෙන් වුනු පිටුවක් ඇත.