2017 කොළඹ අභිමානී

ශ්‍රී ලංකාව තුළ වාර්ෂික අභිමානී සැමරුම පවත්වන එකම ආයතනය ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයයි – එය ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවගේ දිනදර්ශකයේ ඉතා වැදගත් අවස්ථාවකි. ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාවට නැගී සිටීමට සහ ඔවුන්ගේ අනන්‍යතාවය පිලිබඳ ආඩම්බර වීමට ඉඩකඩ සහ අවස්ථාව ලබාදීමට ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය ඉතා වෙහෙස වී කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ අභිමානී සැමරුම තවමත් කුඩා පරිමාණයෙන් පැවැත්වෙන අතර, අපගේ අයිතීන් ඉල්ලා යම් දිනක වීදි පෙලපාලි යාමට බලාපොරොත්තුවක් ඇතත් වර්තමාන දේශපාලනික සහ LGBTIQ ප්‍රජාව පීඩාවට පත් කරන සුළු නීති නිසා එවැන්නක් කිරීමට තවමත් හැකියාවක් නොමැත. තවමත් අභිමානී සැමරුම පැවැත්වෙන්නේ පෞද්ගලිකව වන නමුත්, දිවයින පුරා විසිරී සිටින LGBTIQ පුද්ගලයින් සහභාගී වන තරමට එය පොදු උත්සවයකි. අභිමානී උත්සවය තව තවත් ශක්තිමත්ව ඇත. ප්‍රජා සාමාජිකයින්ට තමන් පිළිබඳව විවෘතවම ආඩම්බර වියහැකි ආකාරයේ විවිධ වූ වැඩසටහන් සෑම වසරකදීම පැවැත්වේ. විවිධත්වය පිළිබඳව පුර්ණ ලෙස සාකච්ඡා කරමින් LGBTIQ ප්‍රජාව දෙස වඩාත් අවබෝධාත්මකව බැලීමට අනුබල දීම අරමුණු කොටගත් අධ්‍යාපනික සහ සංවේදීකරණ වැඩසටහන්ද ඊට ඇතුලත්ය. මෙහිදී පැවැත්වෙන ඇතැම් වැඩසටහන් වනුයේ වැඩමුළු, නාට්‍ය/ සන්දර්ශන/ සංගීත වැඩසටහන්, චිත්‍රපට උළෙලවල්, චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශන, සාද සහ සරුංගල් සැණකෙලියයි.

මේ වසරේ ශ්‍රී ලංකාවේ විශාලතම අභිමානී උත්සවය වෙනුවෙන් සිත්ගනාසුළු අංග මාලාවක් සුදානම් කොට ඇත. සෑම වැඩසටහනක් සම්බන්ධයෙන්ම වැඩිදුර තොරතුරු සඳහා Colombo PRIDE ෆේස්බුක් පිටුව බලන්න. කොළඹ අභිමානී උළෙල යනු 2005 දී අභිමානී සාදයක් සමග ඇරඹු දකුණු ආසියාවේ පැරණිම අභිමානී සැමරුම්වලින් එකකි. 2006 දී, අංග රැසකින් යුත් ඉතා සාර්ථක වැඩසටහනක් සතියක් පුරාවට පවත්වනු ලැබුණි. එතැන් පටන් කොළඹ අභිමානී සැමරුම සහභාගීත්වයෙන් පමණක් නොව, විවිධ වූ අංගයන්ගෙන් පවා වඩ වඩාත් ශක්තිමත් විය. කොළඹ අභිමානී සැමරුමේ වඩාත් වැදගත් වූ අංගයක් වනුයේ LGBTIQ සිනමා උළෙලයි.

කලින් “දේදුනු සිනමා දැක්ම” ලෙස හැඳින්වුණු, දැන් අභිමානී ලෙසින් හැඳින්වෙන සිනමා උළෙල, යනු ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර සිනමා උළෙල මෙන්ම, දකුණු ආසියාවේ පැරණිතම LGBTIQ චිත්‍රපට උළෙලයි. සෑම වසරකදීම එය කොළඹ අභිමානයට සමගාමීව පැවැත්වෙන අතර දේශීය සහ ජාත්‍යන්තර LGBTIQ චිත්‍රපට ඉදිරිපත් කරනු ලබයි. ඊට කෙටි චිත්‍රපට මෙන්ම දීර්ඝ චිත්‍රපට ද ඇතුලත් වේ.
අපහට මහත් වූ සහයෝගයක් ලබාදෙන අනුග්‍රාහකයින්ට සහ සහකරුවන්ට අප ස්තුතිවන්ත වෙමු!
ප්‍රීතිමත් අභිමානී සැමරුමක් වේවා!

Continue reading this…

'134 මෙහෙයුමට'

වසර 134 ක් පුරා සාපරාධිකරණය !
වසර 134ක් පුරා කොන්කිරීම !
වසර 134ක් පුරා වෙනස්කොට සැලකීම හා පවිටු ලෙස අපගේ අයිතීන් උල්ලංඝණය කිරීම !

ඔබ එකඟ නම් අපගේ මෙහෙයුම හා සම්බන්ධවන්න බොහෝ ක්‍රම ඇත.

1. අපගේ මෙහෙයුමට ඔබගේ වටිනා අත්සන තබන්න

2. වීඩියෝ – රූපය බොහෝ දේ පවසන නිසා
3. අතරමැදි විශේෂ අවස්ථා – පුද්ගලයින් හමුවීමට , කතාබහ කිරීමට වැරදි අදහස් නිවැරදි කිරීමට
4. බැජ් සහ අත් පළඳනා වැනි දේ – ඔබ කැමතිනම් පළඳින්න
5. දන්නා දේ පවසන්න – අපගේ මෙහෙයුම වෙනුවෙන් යමක් කල හැකි අයෙක් සිටීනම් අප වෙත යොමු කරන්න.

මේ සම්බන්ධව ඔබ විශේෂ උත්සව/අවස්ථා සංවිධානය කරන්නට හෝ වීඩියෝ නිර්මාණ සාදන්නට බලාපොරොත්තු වෙනවා නම් EQUAL GROUND හි අපි හැකි උපරිම අයුරින් ඔබට සහාය වන්නෙමු.

ඔබ සංවිධානය කරනු ලබන විශේෂ වැඩසටහන් හෝ සාකච්ඡා වලදී බෙදා හැරීමට විශේෂයෙන් නිමවූ බැජ් හා අත් පළඳනා වර්ග ලබා දීමට අපට හැකියි.

අපගේ ෆේස් බුක් පිටුව අදහස් හුවමාරු කරගන්න හොඳ වේදිකාවක් වේවි. අප සමග එක් වන්න.

ෆේස් බුක් පිටුවේ ’134 මෙහෙයුමට’ දැක්වූ අදහස්, වීඩියෝ පටිගත කිරීම් හා විශේෂ අවස්ථා පිලිබඳ විස්තර අඩංගු වේ. ’134 මෙහෙයුමේ’ ඔබත් කොටස්කරුවෙක් වන්න.

Continue reading this…

Find peace of mind: free counseling service for LGBTIQ persons

LEARN MORE

EQUALITY සගරාව

2016 දෙසැම්බර් 20 දා කොළඹ දී

අද දින නිකුත් කෙරෙන EQUALITY සගරාව, ශ්‍රී ලංකාවේ සමසෙනෙහස් ,ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව නියෝජනය කෙරෙමින් මුද්‍රණය වන ප්‍රථම සගරාව ලෙස ඔබට හදුන්වාදෙන්නේ ඉතාමත් සතුටිනි. ජිවන ශෛලීන් පිළිබද ව ලියැවුණු නොයෙක් ප්‍රකාශන එළිදක්වන මුද්‍රණ කර්මාන්තයේ තියුණු වර්ධනයක් පවතින වෙළඳපලක තරගකාරිත්වයට මුහුණදීමට සිදුවුවද EQUAL GROUND ආයතනය EQUALITY සගරාව නිකුත් කරන්නේ අපි, සමසෙනෙහස් ප්‍රජාවගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ එකම ආයතනය වන බැවිනි.

EQUAL GROUND වසර 12ක් පුරා ‘දේදුනු පුවත්’ (‘Rainbow News’) පුවත් හසුන හරහා සමසෙනෙහස් ප්‍රජාව හා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින අපගේ මිත්‍රයින්ට අඛණ්ඩව අපගේ සේවාව ලබා දෙන්නට සමත් විය. පුවත් හසුන වෙනස් කර ජිවන ශෛලියන් පිළිබද ව කතාබහ වෙන සගරාවක් නිකුත් කිරීමෙන්, ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට තම අදහස් ප්‍රකාශ කිරීමට, දක්ෂතා එලි දැක්වීමට වඩා පුළුල් වේදිකාවක් තැනීම EQUAL GROUND හි අභිප්‍රාය වේ. ‘EQUALITY’ අන්තර්ගතය ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාව තුල රාමුගත වුවක් නොවන අතර මෙය ශ්‍රී ලාංකීය පාඨකයින් සෑම දෙනෙකුටම අදාළ වන, දැනුම බෙදාදෙන ප්‍රකාශනයක් ලෙස එළි දැක්වීම අපේ උත්සාහයයි.
“අපගේ උත්සාහය අපේ රටේ ජිවත්වන සමසෙනෙහස් ප්‍රජාවට භාෂා තුනෙන්ම අප හා සම්බන්ධ විය හැකි වේදිකාවක් තැනීමයි. එමගින්, ඔවුන් රටේ කොතැනක ජිවත්වුවත්, ආගම, ජාතිය, සමාජ තත්ත්වය කුමක් වුවත් ඔවුන්ට ඉදිරිපත්විමටත් අදහස් දැක්වීමටත් අවස්ථාවක් ලැබෙනවා,” EQUAL GROUND හි විධායක අධ්‍යක්ෂ රොසානා ෆ්ලේමර් කල්දේරා පැවසුවා ය. තවදුරටත් EQUAL GROUND හි මේ උත්සාහය පිළිබද ව අදහස් දක්වමින් ෆ්ලේමර් කල්දේරා පැවසුවේ “මෙම සගරාව හරහා ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට අයත්වන තරුණ ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට, ඡයාරුප ශිල්පීන්ට හා නොයෙක් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් වෘත්තිකයන්ට ඉඩකඩ ඔවුන්ගේ දක්ෂතාවයන්ට, නිර්මාණවලට , ව්‍යාපාරයන්ට ප්‍රචාරයක් හා ප්‍රසිද්ධියක් ලබාදීමට ඉඩ හසර ලබාදෙන බවයි.”
සෑම ආකාරයක ම සමාජ සුලුතරයන් එකලෙස පිළිගන්නා යහපත් සමාජයක් ඇතිකිරීමේ උත්සාහයේ ඉදිරි පියවරකි, ‘EQUALITY’ ප්‍රකාශනයට පත්කිරීම.

ආයතනය පිලිබදව කෙටි හැදින්වීමක් :
EQUAL GROUND ආයතනය, ශ්‍රී ලංකාවේ සමසෙනෙහස් ස්ත්‍රීන්, සමසෙනෙහස් පිරිමි, ද්විසෙනෙහස් , සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ලිංගික අනන්‍යතාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රශ්නභාවී පුද්ගලයින්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් හා දේශපාලන අයිතීන් දිනාගැනීම වෙනුවෙන් සටන් කරන ලාභ නොලබන ආයතනයකි. ශ්‍රී ලාංකීය සමසෙනෙහස් ප්‍රජාවට සුරක්ෂිත සමාජයක් ඇතිකරලීමට අපි ඇප කැප වී ක්‍රියා කරමු. ශ්‍රී ලාංකීය සමසෙනෙහස් පුද්ගලයින්ගේ මානසික සුභසිද්ධිය සලසාලිම උදෙසා නොයෙකුත් අවස්ථා EQUAL GROUND හරහා ඇතිකර ඇති අතර ඔවුන් ආර්ථිකමය, සමාජීය හා දේශපාලනික වශයෙන් බලගැන්වීමට අපි කටයුතු කරමු. එමෙන්ම සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, නිවාස හා නීතිමය ආරක්ෂාවට ඇති ප්‍රවේශයන් පිළිබදව ද අපි ක්‍රියා කරමු.
සමසෙනෙහස් ප්‍රජාවේ සියලුම අනන්‍යතාවයන් මෙන්ම අපට නිරතුරුව සහාය දෙන සමාජයේ සැමදෙනා නියෝජනය වන පරිදි සැකසුනු එකම ආයතනය EQUAL GROUND ආයතනයයි.

අප හා සම්බන්ධ වීමට –
දුරකථනය : +94-11-2806184/ +94-11- 5679766 ෆැක්ස් : +94-11-2805704
වෙබ් අඩවිය : http://www.equal-ground.org
Web Blog: https://equalground.wordpress.com/
Twitter: EQUALGROUND
Facebook: facebook.com/EQUALGROUND
Youtube: youtube.com/user/equalground123

Continue reading this…

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සමසිරි භීතිකාමය ප්‍රකාශය

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එක් පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත්තේ “ මම සමලිංගික (සමරිසි) පුරුෂ හා ගැහැණු, ද්වි සෙනෙහස් හා සංක්‍රාන්ති ලිංගික අයගේ අයිතිවාසිකම් පිළිබඳව දැඩි ලෙස විරුද්ධ වෙමි. මෙය මානුෂිය වුවමනාවක් නොවන අතර අනාගත පරපුර ගොඩනැගීමේදී බාධාවක් වන දෙයක් වේ. විද්‍යාත්මක සම්පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ මෙවැනි ආතාරයේ හැඟීම් ඇතිවන්නේ දැඩි ආතතිමය ස්වභාවයන් නිසාය. මිනිසුන් දැඩි ආතතියෙන් හෝ එවැනි පරිසරයක වාසය කරන විට මෙවැනි අසාමාන්‍ය හැඟීම් ඇතිවිය හැකිය. උදාහරණයක් ලෙස මිනිසුන් කැලයක වාසය කරනවිට මෙවැනි ආකාරයේ හැසිරීම් දැකිය නොහැකිය. එහෙත් ඔවුන් කූඩු කළහොත් මෙවැනි ආකාරයේ හැසිරීම් දැකිය හැකිවනු ඇත. මම ගැහැණියක් හා පිරිමියෙක් අතර සිදුවන විවාහය විශ්වාස කරන අතර සමරිසි විවාහ අසාමාන්‍ය ලෙස දකිමි. මන්ද ඒවා මිනිස් සංහතිය පරිණාමයට බාධාවක් වන බැවිණි” ලෙසයි.

මෙය වමේ පක්ෂයක් ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ සමානත්වය පිළිබඳව නිරන්තරව පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපයද? ඊක්වල් ග්‍රවුණ්ඩ් ආයතනය වෛද්‍ය ජයතිස්සගේ මෙම වෛරී ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය කුමක්ද යන්න හා ශ්‍රි ලංකාවේ සමරිසි, ද්විසෙනෙහස්, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික හා තම ලිංගික අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නභාවී ප්‍රජාවට අදාළ හිමිකම් පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය කුමක්දැයි ලිපියක් මගින් අසා ඇත්තෙමු.

Continue reading this…